දිවා රෑ එලි වෙන තුරා,
මගේ හදවතේම ලැගුම් අරගෙන හිටියත්
නුඹ මොනවද මගේ හදවත ගැන දන්නේ...
කුමුදු මල් පිපෙන තුරා,
නුඹ නැති පාළුවට මගේ ඇස් දෙක හෙලන කඳුළු ගැන
නුඹ මොනවද දන්නේ...
නුඹ දැනගෙන හිටියට වඩා ,
ගොඩක් ලොකු ආදරයක් ගැන ....
මේ විශ්වයටත් වඩා ලොකු ආදරයක් ගැන ....
එහෙව් ආදරයක් තියෙන්නේ මගේ හදවතේ
මගේ හදවත බදු අරන් ඉන්නේ නුඹ
හදවතින් ගලන ලේ කැටියක් ගානේ
මගේ නහර වල දුවන්නෙත් නුඹ....
නුඹ මොනවද ඒ ගැන දන්නේ
මගේ ජීවිතේ නුඹ
නුඹ මොනවද ඒ ගැන දන්නේ
මගේ ජීවිතේ නුඹ
