ඔන්න හිම කුමාරිට ඉදල ඉදලා පොඩි විවේකයක් හම්බ වුණා. මේ දවසෙත් කරන්න වැඩ නම් ගොඩාක් තිබුණා
එත් කාලෙකින් ලැබුන නිවාඩුවේ පුංචිම පුංචි ආස්වාදයක් ලබන්න කියල හිතාන කුමාරි කිඳුරු අඩවිය පැත්තට එබී කම් කලා.
ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද. හිම කුමාරිට මේක හරි ප්‍රශ්නයක්.
හිම කුමාරි මේ ප්‍රශ්නය කින්නරාවිය වෙත යොමු කලා.
කින්නරාවිය : අපි වෙන කෙනෙක්ට ආදරය කරනවා කියල ඇත්තටම අපිට නෙමේද
මේ ආදරය කරගන්නේ? අපි අනිත් කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවනම් එත් ඒ අපිටම තියෙන ආදරේ නිසා නේද?
මිනිස්සුන්ට ඕනේ ආදරේ ලබන්න. ඒ ලැබෙන ආදරය වෙනුවෙන් තමයි එයාල තවත් කෙනෙකුට ආදරය දෙන්න සූදානම්.
කින්නරාවිය එහෙම කීවට ඒ මොකක්ද කියල හිම කුමාරිට නම් ඒක හරියටම තේරුනේ නෑ. හිම කුමාරි තවත් හොදට කින්නරාවි දිහාම බලාගෙන හිටියේ
ඊලගට මොකක්ද කියන්න යන්නේ කියල දැන ගන්න වගේ. කින්නරාවි දිගටම පැහැදිලි කරන්න ගත්ත.
"හොඳයි අපි හිතමුකෝ කවුරු හරි ඉන්නවා හැමදාම උදේට ඔයාව දැක්ක ගමන් බනින. ඔයා ගිහින් එයටත් ආදරය කරනවද?
එහෙම කරන්න හිතෙන්නේවත් නෑ නේද? කවුරු හරි ලස්සනට හිනා වෙලා ඉන්නවනම් හැමදාම හුරතල් වචන කියනවනම්
අන්න ඒ වගේ කෙනෙකුට ඕනෙම කෙනෙක් ආදරය කරනවා නේද? මිනිස්සු ආත්මාර්ථකාමීයි. මොන හරි දෙයක් දෙන්නේ
තමන්ටත් දෙයක් ලැබෙනවනම් විතරයි. එත් දිය කිඳුරෝ නම් එහෙම නෑ. අන්න එකයි මිනිස්සුයි කිඳුරෝයි අතර තියෙන වෙනස.
කොච්චර බැන්නත් කොච්චර ගැහුවත් කොච්චර නම් රිදෙව්වත් කිදුරෝ හැමදාමත් හැමෝටම එක වගේ ආදරෙයි. " කින්නරාවි
ආඩම්බරෙන් වගේ එහෙම කිවා.
හිම කුමාරිට ඒ පාර නම් චුට්ටක් තේරුණා. එත් හිම කුමාරිගේ ප්‍රශ්නය නම් තාම ඉවර නෑ.
"හරි අපි කියමුකෝ කිදුරෝ හැමෝටම ආදරෙයි කියල. එහෙනම් ඒ ආදරය කරන අය අපහු කිදුරෝන්ට ආදරය කරන්නේ නැති වුණාම
එයාලට දුක හිතෙන්නේ නැද්ද?" කටත් උල් කරගෙන හිම කුමාර්ි එහෙම ඇහුව.
"ඉතින් දුක හිතෙන්නේ මොකද? අපි දෙයක් බලාපොරොත්තු වෙලා ඒ දේ නොලැබුනාමයි දුක.
අපි බලාපොරොත්තු උනේ නැත්තම් දුකකුත් නෑ නේද? "
ඒක නම් ඇත්තම ඇත්ත. කින්නරවිගේ ඒ උත්තරෙත් එක්ක හිම කුමාරිට ලැජ්ජා හිතුණා.
අපි මේ සිල්ලර ආදරයක් බලාපොරොත්තු වෙලා එකට නේද මේ ලැජ්ජා නැතිව දුක් වෙන්නේ?
හිම කුමාරි වුනත් ආදරේ බලාපොරොත්තු වුණා. ඒ නොලැබුන ආදරේ නිසා ගොඩාක් දුක් වුණා.
එත් මීට පස්සේ නොලැබෙන ආදරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියල හිම කුමාරි හිතා ගත්ත.
ඕව ළමයිනේ කියන්න ලේසියි කරන්න අමාරුයි. එහෙම හිතෙනවා ඇති නේද? ඒක ඇත්ත. එත් ටික දවසකට හරි
කිදුරෙක් වෙලා බලන්නකෝ. කිදුරෝ ඉන්නේ හැමදාමත් මූදේ පීන පීන සතුටින් අන්න ඒ නිසයි.

කිදුරෙක් වෙලා බලන්නකෝ. කිදුරෝ ඉන්නේ හැමදාමත් මූදේ පීන පීන සතුටින් අන්න ඒ නිසයි.
ReplyDeleteඋත්සහ කරන්නම්.......
verification ayin karanna.....
Deleteබලන්නකෝ බලන්නකෝ දන්නෙම නැතිව ආදරෙත් ලැබිල බලාපොරොත්තු නොවුනට :)
Delete